(chorus)
සෙල්ලම් එක්ක මං කෝළම්
කෙල්ල ගන්නම් තොල්පෙත්තෙන් සායම්
මේව්වා රෙගේ ඔංචිලි වාරම්
හත් දවසක් මං මගුල් කන්නම්
කරපින්නම් ගම වටේ යන්නම්
ඇලඩින් කෙල්ල මං නුඹේ වෙන්නම්
(verse01)
කෙල්ලේ දැක්ක දවසේ ඉදන් තමා ආලේ
පුංචි කාලේ මරද වැල්ලේ නෙවේ මම ගාල්ලේ
ඇපල් මලේ ඉදන් සිංදු ඇහුනට පාරේ
මතක් වෙද්දි ඔයා මතක් වෙන්නේ මේ තාලේ
ඔයා කව්ද ඉන්නෙ කොහෙද නෙවේ ප්‍රශ්නෙ
පුලුවන්ද දුරු කරන්න හදවතේ රස්නෙ
කෙන්ද කන්ද වෙලා ආවත් දුක පිටිපස්සෙන්
අපි හම්බ වෙන්නෙ විසදගන්න සංසාරෙ ප්‍රශ්නෙ
ඔයා වෙනස් නොවෙනස්ව වෙනස් කලේ මා
හිතට ගොඩක් හොරෙන් කීවා ඔය ඇස් භාවනා
දිලිසෙන්නෙ මැනික් විතරද හිතේ සතුට ගාව
මම රජෙක් වුනත් පොඩි ළමයෙක්
ඔයා ගාව
හඳ ගාව
තියන්නම් කෙල්ලේ වචනෙ මං ආසම දේවල් මැද්දේ කෙල්ලේ ඔයත් ඉන්නේ මුදුනේ
කාලිදාසත් පරද්දන්නම් ලියලා පෙම් රචනේ
මං දෙන්නම් මගේ හිතේ සින්නක්කර උරුමේ
(chorus)
සෙල්ලම් එක්ක මං කෝළම්
කෙල්ල ගන්නම් තොල්පෙත්තෙන් සායම්
මේව්වා රෙගේ ඔංචිලි වාරම්
හත් දවසක් මං මගුල් කන්නම්
කරපින්නම් ගම වටේ යන්නම්
ඇලඩින් කෙල්ල මං නුඹේ වෙන්නම්
කෙල්ලෙ අපි දෙන්නා යමු ඈතට පාවී
හීන පාට කරමු අහසෙ මගේ සඳ සාවී
මම රැප් ඔයා මගේ රෙගේ කුමාරී
රතු කහ කොල මල් මාල ගොතාලා
රෑ එළිවෙනකම් මට කොඳුරාලා
හිනහෙමු කඳුලෙදිත් මදහස පාලා
ඉමු අපි ලංවීලා
(verse02)
ඇස් පිල්ලක් වදින තාලෙටත් හිත
මං ඇළපාත මුදලාලි වෙන්නෙ හනිකට
ගොතයි පද ඔය පොළවට බැස්ස දෙව්දුව දැක
සුන්දරී මාගේ රං මුදු මාල සාරි පොට තමයි හැඩ
හේයි කෙල්ලෙ දන්නවා ලෝකෙ ලස්සන මල් වත්තක් මේක
අද දකින මල හෙට හම්බෙන්නැති තරමට
ඇවිස්සෙනවා දකින වාරේ ඔව් කෙල්ලේ මගේ හිත
ළමිස්සියො දැක්කට තව නෑ වෙන්නේ මට මේක
කෙල්ල මං ඔයාගේ ආසම කෙනාද දවසක ළගදීම මගේ වෙනවා ද
ඇවිදින්න යමු කමු ජම්බු ජොලි අයිස් පලං
වෙනස්කරන්නම් කේන්දරේ ඔය කේන්දරේ බලං ජීවිතේ ද සල්ලි ආදරේද පොසත් මේක හාවා ඉබ්බා දුවන ගේමක් හාවා පෝසත්
වෙන්න මාගේ භාරී භාරකාරි සින්ඩරෙල්ලා කෙල්ලලේ මම එන්නම් ඔයත් එක්ක ඉමු අපි සැනසිල්ලේ...