ආවාට නෑ මේ ආලේ | Aawata Na Me Aale - SUBEE

මාලතී පූදා

ඈ හදේ රන්දා ආලේ පෑවා

හීන දුටුවා මා

ඈ මගේ වීලා

ආලේ කීවා මා


ඈ කමලේ සිනා ඉඟි පෑ රටා

දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා

වේවී වාසනා එ සුන්දර රූ රටා

මා නොකියා කියා බැලුවේ තුටා


පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප 

ආවාට නෑ මේ ආලේ


පවනැල්ල වී නබෝ ගැබ පීරා

කෙහෙරැල්ල ගාව මා නැවතීලා

රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා

මා දන්නවා නුඹේ රඟ ලීලා


නා දල්ල ඈගේ

පෑ මන්දහාසේ 

නොදැනී මගේ හැඟුම් සැලුණා

පෙම් කාරණාවේ 

යමි චාරිකාවේ හීනේ මා පාවී ඈ සොයා


පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප 

ආවාට නෑ මේ ආලේ



Previous Next

نموذج الاتصال