අනේ මහතුනේ | Ane Mahathune - Saman Lenin

අනේ මහතුනේ මට උනු වියෝයා

මගේ අඹුව හොරු අරගෙන ගියෝයා

මාර සෙනඟ මැද මං තනි උනෝයා

අඹුව දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා 


ඉදෙන බතට ලුණු රහ නැහැ කිරි හොද්දේ

කන්න බැරුව මොර දෙනවා හරි සද්දේ 

බේද වෙවී පොර කා ගෙන එක රොත්තේ

මාර පැටව් එක්කල මං යම යුද්දේ


සුරා සැළේ වෙරි වී රෑ තුන් යමට

ගුටි බැට දුන්නෙ මගෙ ඔළ මොළ කමට

සොඳ මිතුරේ සමාව දී මගෙ නමට

ගෙනත් දියං මගෙ දෙයියෝ මගෙ ළඟට

ගෙනත් දියං මගෙ රං කඳ මගෙ ළඟට




Previous Next

نموذج الاتصال