පත අට ම හින්දලත් එකට
බේතක් හෙවුවැකි ද දුකට
මොන කසායක් හැදුවැකි ද උඹට
හාමිනේ නොකිය ගිය එකට
හෙප්පුවක් හිඟ නොවුණු නිතර
අප්පුවත් ගියපු හැටි අතැර
කුරුළු හඩ ගිහින් අගනුවර
අරළු බුළු හිඟ ද වෙද ගෙදර
වෙනිවැලෙත් පැතිරිලා මහ පිළිල
කොහොඹ ගහ දෙදරුවා මුදුන් මුල
වේලිලා ඉඩෝරෙට බේත් පැළ
රූමස්සල ත් හැරී බැලුවා පහළ