පොද වැස්සේ තෙමිලා මං ආවේ
හිත අස්සේ පෙනුනා පෙම් කාරනේ
එක කුඩයක තනි වූවා සෑම දේ
මගෙ මනසේ ඇඳුනා රූ ආදරේ
හිතකින් අල්ලාලා
නෙතකින් දිවුරාලා
පවසාවී සිහිනේ
ප්‍රාර්ථනා
මෙතනම හමුවීලා
මතකේ නොමැකීලා
භව ගානක් පැතුවේ
මේ චායා
හිරි වැටුනේ මා සීතලකින් නොවේ
නුඹෙ ලමදේ ගෑවෙන මේ තත්පරේ
ඇදහැලෙනා මල් වැස්සත් දෛවයේ
ආශිර්වාදයදෝ සැක නෑ ලඳේ
දිගු ගමනක් එනවාදෝ දුරු පාරේ
තනිවම මා මුමුණමි මේ ආදරේ
තව පාරක් මේ කුඩයේ සීතලේ
නුඹ හා තනි වූවොත් නිම් නෑ සුවේ