පොද වැස්සේ | Poda Wasse - Roshen Walisundara

පොද වැස්සේ තෙමිලා මං ආවේ

හිත අස්සේ පෙනුනා පෙම් කාරනේ

එක කුඩයක තනි වූවා සෑම දේ

මගෙ මනසේ ඇඳුනා රූ ආදරේ


හිතකින් අල්ලාලා 

නෙතකින් දිවුරාලා

පවසාවී සිහිනේ

ප්‍රාර්ථනා

මෙතනම හමුවීලා

මතකේ නොමැකීලා

භව ගානක් පැතුවේ

මේ චායා


හිරි වැටුනේ මා සීතලකින් නොවේ

නුඹෙ ලමදේ ගෑවෙන මේ තත්පරේ

ඇදහැලෙනා මල් වැස්සත් දෛවයේ

ආශිර්වාදයදෝ සැක නෑ ලඳේ


දිගු ගමනක් එනවාදෝ දුරු පාරේ

තනිවම මා මුමුණමි මේ ආදරේ

තව පාරක් මේ කුඩයේ සීතලේ

නුඹ හා තනි වූවොත් නිම් නෑ සුවේ



Previous Next

نموذج الاتصال