මායා | MaaYaa - PRATHAP

නුඹේ වත ලඟ නවතිනු විනා

අරමුණක් නැත දිවියට වෙනා

හඬනවා හද මා

සනසන්න ආලෙන් වහා


නුඹව හිඳුවා සතපන්න මා

සත්මහල් මාලිග නැත තනා

දැවෙනවා ගත මා

ඇහැරන්න රාගේ රහා


අරමුණක් සොයමින් මම දිවිකතර ගැවසෙනවා

පිනිපොදක් විලසින් නුඹෙ ආලයෙන් නැහැවෙනවා

ආදරය අසමින් නුඹ සයනතෙහි වැතිරෙනවා

ජීවිතය සොයමින් මා ආදරය වැගිරෙනවා


නුඹේ වත විඳිනෙම් වැටහෙන තුරු දිවිය යම්දා

නුඹේ ඇස් දකිනෙම් පියවෙන තුරු දෙනෙත් මතුදා

ලොවේ නැත කිසිවෙක් ආලයෙන් ගත මන බින්දා

අයිතිකම් නොකියම් ශෝකය බිය නැගෙන හින්දා


ආ දා... මා හා... පෑවා... මායා...

දිලුනා... වෙලුනා... ගිලුනා... මායා...




Previous Next

نموذج الاتصال