උදුලෝල | Udulola - Siyumini Opayangi

හිමි නොවෙනා නුඹ පැතුවා

ආදරේ සේයා හංඟා තියා

හිත සඟවා පෙම් කෙරුවා

ප්‍රේම ගීතේ ලීවා මා


උදුලෝල තරු රෑක

නිදි නේන තනි දාක

පැතුවා නුඹ පැතුවා


මකරන්ද තොල් පාටින්

සැනසෙන්නම් අනුරාගෙන්

මතු දා ...


මට ආලේ දැනුණා

නුඹ මාගේ හැඟුණා

නොකියා ඒ බව හීනෙන් පෙම ආවා සොයා


තුන්‍ යාමේ පැතුවා

වරු ගානේ හිතුවා

නෙතු මානේ ඇඳි හීනේ හැඩ සේදී ගියා


උදුලෝල තරු රෑක

නිදි නේන තනි දාක

පැතුවා නුඹ පැතුවා


මකරන්ද තොල් පාටින්

සැනසෙන්න අනුරාගෙන්

මතු දා ...



Previous Next

نموذج الاتصال