පිබිදෙමි ඔබගේ | Pibidemi Obage - Suneera Sumanga

පිබිදෙමි ඔබගේ

නෙතු සරයෙන්

මන්මත් කරනා

හසරැල්ලෙන්

හිනැහෙන දෙතොලේ

නා දල්ලෙන්

මනකල් ලිය ඔබ කවුරුද

පවසන්


පුළුලුකුළේ සැලුමට

සිත බඳනා

සඳ රාජිනියේ

සුන්දර ලලනා

මා හද චංචල කරවන

දිගැසා

කියන් කවුද ඔබ

මා හද දිනු ඒ ලන්දා


සිත අද්දර සුන්දර 

කවි කියනා

මධුභාෂිණියේ හද දුක්

නිවනා

සුන්දර දසුනින් මා

හද කිතිකවනා

කියන් කවුද ඔබ

මා හද දිනු ඒ ලන්දා



Previous Next

نموذج الاتصال