දවසක් ගානේ තවමත් මාගේ හැඟුමයි පෑරෙන්නේ
හවසක් වාගේ තවමත් ඈගේ පුසුඹයි වෑහෙන්නේ
වෙරළේ හමුවී තුරුලේ වැලපී
ඔබ මා වෙන්වී ගෙවුනේ වසරකී
පෙරදා අපි දෙදෙනා රහසේ සිප ගත්තා
ඔබ මා වෙන් වුනු දා නොහැඬූ මා අද තනි වී හඬනවා//
වේදනා මාවතක ගමනේ රිදෙන හිත් කඳුලෙන්ම පෙඟුනේ
නුඹව දැක ගන්න ලඳුනේ එක වරක් මා පතමි දිවියේ
හදේ ගැඹුරට දැනෙනා වේදනා කන්දක් හා
කාලය ගෙවී යයි හුදකලාවේ...
කාලය ගෙවී යයි හුදකලාවේ...
වෙරළේ හමුවී තුරුලේ වැලපී
ඔබ මා වෙන්වී ගෙවුනේ වසරකී
පෙරදා අපි දෙදෙනා රහසේ සිප ගත්තා
ඔබ මා වෙන් වුනු දා නොහැඬූ මා අද තනි වී හඬනවා