තුන් හිතින් වින්ද හදවතේ ගින්න
ආකහේ දැවටිලා
හුස්මකින් දැනෙන පෙම් පුරාවෘත
මා හදේ ලියවුනා
මල් හිනා ප්‍රේම ගුම් නැගුම් පාන
ඇස්වලින් වෑහිලා
රත්තරන් හීන රන්කදක් විලස
නුඹ මගේ පණ වෙලා
ඇස් කතාකරන හිතපුරා දුවන
ආදරෙන් ලංවෙලා
ලංවෙලා උන්නු පෙම් කවක් අගට
නුඹ හෙමින් යාවෙලා
හිත හොරෙන් කිව්ව නුඹෙ නමට ලිව්ව
තනිකමත් ඇවිලිලා
හුදකලා වින්ද හදවතේ ගින්න
හෙමි හෙමින් වියැකුනා