උදේ හවා | Ude Hawa - Harshana Dissanayake

උදේ හවා දණ බිම තියලා

වැන්දේ නුඹටමයි අපෙ අම්මේ

මවු සෙනෙහස මැද පිය රැකවරණය 

දුන්නේ නුඹමයි අපේ අම්මේ


අකාල මහා වැසි වැටුනත් අමිහිරි 

දයාව මහමෙර  බොමයි නොකිලිටි 

උරා පොළොව මෙන් ජලබිඳු අහසින් 

ලෙයද කිරට හරවා රස පොවමින් 

දා බිඳු වපුරා මුතු කැට කරමින් 

කළා අපව මහ රුක්මෙන් වෙහෙසින්


මුතු කැට දිළිසෙන කිරුළම සිරසින් 

පළදා මැව්වෙද සක්විති රජකම් 

මවා නුඹේ ගුණ අපමණ සුවඳින් 

දිවා රැයම සුව තුරුලේ රැඳෙමින් 

එදා සුරැකි අප නුඹෙ කිරි රුහිරෙන් 

නිවන් ලබනතුරු මම පුතු වෙන්නම්



Previous Next

نموذج الاتصال