අසිරිමත්ය බලනු සකි මුතු ඇටයක රටාව
වන්නාවෙන් බැස එන මල කුණු උන්ගෙ ජය පතාක
අහෝ රටක පිහිට කරට පුරන අහන බරට නිවට කමක බලන් යසට පිල් බදාන බෙදාන කන
වාසි සීලෙ කඩන් ඩීල් දාන් උන් ගුද නාමෙට
නාම ප්‍රීති ප්‍රීති යටි මඩි කොල කොමිස් බරට
පරසත් බව අගයන කම් මැති මිනිසත් බව මත මසුරන් උරුමැති ඇති මැති අගමැති නම් සරුසාරෙට
දාගෙන දාගෙන වාරණ
කැහැගෙන දීගෙන අනුන්ටම කැහැගෙන
උන්ටම ගැලපෙන මතය දරාගෙන
කපාගෙන යයි කැලැ ඇතුලෙන් නිරයට
පිලකට බෙදාන බලයට කෑදර
ධාර්මික ගැත්තගෙ සීලෙ සුරාන්තෙක
පාලක උෂ්ණෙට හුස්ම ලියාගෙන
කාර්මික වනාන්තර විනාශෙක පිදුමට
පාටට පාටට පක්ශෙක පාටට
ආටක නාටක රටවට හැමතැන
නටාගෙන දාගෙන වැදගෙන පිරුවට
ආයෙත් වැනු මැටි මත ටික රට වට
කොහෙද දර්ශනය
එන ගමන් තාක්ශනය
ආසියාවෙ ආශ්චර්‍ය
තාම මුල් ගල් පැලවෙන
කොහෙද දර්ශනය
එන ගමන් තාක්ශනය
ආසියාවෙ ආශ්චර්‍ය
තාම මුල් ගල් පැලවෙන....//
හැත්තෑ වසකට ගත්තා මම කුලියට ශරීරයක්
ආත්මයයි මේ කියවන්න්නේ මම අතාත්ත්වික දෙයක්
කැඩිලා ඉන්නෙ දෙකට තුනට, බෙදිලා ඉන්නෙ පිල් වලට
මරගෙන කපාගෙන කොටාගෙන, Log Out වෙන්නෙ බුකියෙන් හයට
නිවනට මඟ දකින සාදු මොකටද අද පිකටින්
පෞද්ගලික රෙද්දෙ බල මණ්ඩල රැස්වි කොළඹ අවටීන්
නැවතුමද බුදුන් දෙසුවෙ පාරෙද පිට කොටුවෙන්
දරන සිවුර මතක නැද්ද දෙව්දත්තලා හමුවෙත්
විදේශ උපාධියකට අද අයකරනවා ගිණි ගාස්තු
රැකියා විරහිත උපාධියො A Level ද පාස්වූ
අවශ්‍ය අපිට පිල් නොවෙ අද පද්ධතියක් වෙනස්වූ
කැපිලි කෙටිලි බොරු රැවටිලි ජීවන රටාවෙන් දුරස්වූ
පිල් කඩාන සිල් බිඳාන ඉන්නෙ මුන් තෙල් බෙදාන
බණ අසාණ දානෙ බෙදාන මත්වෙලා පොර බදාන
කල දසාව මේ රටාව ගෙනෙවි හැමට විලාප
පිල් දෙකේන්ම එන විපාක කරාවි රටම විනාස
දාගෙන පිල් බෙදාගෙන පිල් , ඇතිවෙලා මට වචනය පිල්
දාගෙන ඩීල් උන් ලොකු සීන් , ගහනවා ඇතුලෙන් මුං ලොකු ගේම්
එළිපිට වලි ඇතුළත කෙළි , Casino ගානේ මුං සැණකෙළි
බීගෙන වැටි ගෝලයෝ මැටි , බලපං සුරලෝකෙක හැටී
කොහෙද දර්ශනය
එන ගමන් තාක්ශනය
ආසියාවෙ ආශ්චර්‍ය
මුල් ගල් පැලවෙන
කොහෙද දර්ශනය
එන ගමන් තාක්ශනය
ආසියාවෙ ආශ්චර්‍ය
තාම මුල් ගල් පැලවෙන....
කලකට ඉස්සර ඉස්සුව කොඩියට වස්
හෙළයට අමතක වෙන්නෙත් සතියෙන් දොස්
කනපිට හැරිලද නෑ අවමානෙන් පොෂ්
පෙරමුණ ගන්නෙම ඉල්ලං කන්න බලාගෙන
කියනවිට ඇත්ත බොලාට තිත්ත ගහට වගෙ පොත්ත
ඉදිමුණ ගැටිත්ත
මොකද තව කතන නැත අතන මෙතන අද හෙටක දකින අන්තර සිගිත්ත
තනියෙන් හෙම්බත් උන හැටි පිලකම
දැම්මට පැත්තට වෙට්ටුව කලකට
නැතුවට ඔට්ටුව තියාගනින් පොට්ටුව
පිළ පිළ මොන මොන අතකට රැස් උන
යන්තම්වත් ගැලවෙන තැන බල බල හිටියට දන්නව මොළ කරවෙලා යන
කරටම දැම්මට සුරතම කාලෙක
පිල් බෙදුනම නෑ උන්හිටි තැන් බොට
අඩමානය පොලොවට ණයගැති උන් අවමානය දැන් රට මාරය
බඩගාගෙන සිහිකර කලු ජූලිය දැකලත් පිල් බෙදිලා මරාගෙන
අරියාදුව ගම්බද පාලුව ඔල්වරසන් ගන්නට දෙන බාගය
ගුටි කාගෙන ගිරිය කඩාගෙන ආවඩපං තව දියවන්නාවට.......