පුරහද | Purahada - Kethaki Suraweera

රෑ පායන පුරහඳේ 

නුඹේ උණුහුම මට දැනේ

දිලෙනා විට ළඟ මගේ 

මේ රෑය මගෙදැයි හැඟේ


වළා යටින් පාවි ගොස් හිතුමතේ

සිනාසිසී සරදම් කරන්නේ

වැහි පොදේ මං 

තෙමි තෙමි දුවන්නේ

තිසරුන් ඔහේ සැලි සැලී රඟන්නේ


තුරු අතරින් එබී බලමින් රහසේ

ආල නුරා කැළුම් පාන්නේ 

තරුඑළි නිවා සිහිනෙක රැඳෙන්නේ

පිණිසළු මුදා යහනට වඩින්නේ



Previous Next

نموذج الاتصال