රඟන තිසරුන් සඳ දියේ
ලවන් තුඩගින් පිරිමැද
හදින් නික්මෙන සත්සර
අසමි ළං කර සවනත
නුඹයි කුමරුණි මෝහන
මුරලියෙන් හද සනහන
වයා තුන්යම මිහිරි ම
පෙරයි අම බිඳු වෑහෙන
කළිඳු ගං තෙර සෝබන
නුරා රසයෙන් මත්වුණ
ගයන් කොවුලනි ගී පද
වයන්නට බට ලී නද
නුඹේ තනුවට සුමිහිරි
සැලෙයි මා ගත ගොවිඳුනී
පුදමි අද සැම මා සතු
නුඹෙයි රාධා මින්මතු
රඟන තිසරුන් සඳ
නුඹයි කුමරුණි