රන්වැලි සෑයද සල්මල ඇතුලේ
හරි පුදුමයි අම්මේ
පොඩි හාමුදුරුවො වැඩලා වාගෙයි
මලේ රේණු පිරුණේ //
වෙසක් මහේ පිපෙනා හැම මලකම
වෙනදා නැති තරමට සුවඳයි
සල්මල් සුවඳේ මටනම් දැනුනේ
අම්මේ ඔබේ කිරි සුවඳයි
වෙන පෝයට නැති තරමට පායන
වෙසක් සඳ උනත් හරි එළියයි
රන් තැටියට සල්මල් පුරවාගෙන
හඳ මාමත් අර එන ගානයි