සඳ හා මා ඉඟිබිඟි පානා නිසා
තරු මල් හෙමින් හැංගිලා ඉන්නවා
ලැජ්ජාවේන් පෙම්බස් දොඩනා නිසා
ඔබ මා සිතින් සිඹිනවා සිඹිනවා
මුදු සීතල කඳුකරේ
තනි වූ මල් මාවතේ
අපි ආදරෙන් ඉන්නවා ඉන්නවා..//
හොරැහින් ඔයා බලනවා බලනවා
මට ආදරේ හිතේනවා
මේ ජීවිතේ ආදරේ පෙම් කතා
අපි ආදරෙන් අහනවා
ඔබ හීතලෙන් ගැහෙනවා ගැහෙනවා
මට තුරුලු වී නිදනවා
මේ ජීවිතේ ආදරේ දූතිකා
ඔබමයි කියා හිතෙනවා
සඳ හා මා ඉඟිබිඟි...
මුදු සීතල කඳුකරේ
තනි වූ මල් මාවතේ
අපි ආදරෙන් ඉන්නවා ඉන්නවා..//