රිදුනු මලක් | Ridunu Malak - Nuwandika Senarathne Ft Gayashan Weerawansha

කවි එක දෙක මැකිලා

කම්මුල් ඉරි තැලිලා

ඇයි දෑස ඈතක් බලා.. 


Pre Chorus


දෑතම හිරි වැටිලා

වේලය බිම දමලා

කෝ කොහෙද සුපුරුදු ඔයා..

කවි කොල ගිණි තියලා

කම්මුල් නිල් කරලා 

මගෙ දෑස මඟහැරපු දා - 

වෙදැඟිලි හිර කරලා

වේලයෙ බර දැනිලා..

මගෙ හිතම මට නැති වුණා..


Chorus


ආදරේ ..දුරයි. හිත් රැවටෙන දා..

ජීවිතේ.. රහයි.. යලි හිනැහෙන දා.- ඔබ ඔබ වෙන දා.

ඈත යන්න ඇත්නම් මතකෙන් මිදිලා ..

පාවී යන්න දෙන්නම් අත්තටු මවලා..


Verse


රිදුණු මම මලක් පෙති ගැලවුණ ..

පෙති වැටුනත් මල් ඇත සුපිපෙණ..- යලි හිනැහෙන.

මතක පොදි බරින් හිත පැකිලෙනවා..

හිතට ඕන නම් හිත ඉගිලෙනවා..


Chorus


ආදරේ ..දුරයි. හිත් රැවටෙන දා..

ජීවිතේ.. රහයි.. යලි හිනැහෙන දා.- ඔබ ඔබ වෙන දා.

ඈත යන්න ඇත්නම් මතකෙන් මිදිලා ..

පාවී යන්න දෙන්නම් අත්තටු මවලා..


කඳුලැලි බිම තියලා

මට මං වෙලා..

ඉගිලෙන්න හිත කියනවා..

කඳුලැලි බිම තියලා

ඔබ යන්න පියඹා ..

ඔබෙ හිතම හමුවෙන තුරා..



Previous Next

نموذج الاتصال