කොහෝ හඬින් රැවුදෙන
එරබුදු මල් පීදෙන රබන් සුරල් රැවුදෙන
අවුරුදු ආවා සිරිකත කැන්දන් ආවා
මේ ලක් දෙරණේ සුන්දර විමනේ
අවුරුදු අසිරිය එයි බක් මාසේ අපගේ....//
පිපෙනා කුසුමේ සුවදත් වෑහේ
සුන්දර මේ අවුරුදු යාමේ
කුමරියෝ හැඩ වෙනා
කුමරුන් සනසනා
අවුරුදු සිරිකත ආවා
තුන් හෙළේ සිරිකත නහවාමේ ලක් දෙරණේ සුන්දර විමනේ
අවුරුදු අසිරිය එයි බක් මාසේ අපගේ....//
දෙව් විමනක් සේ සුන්දර පොළවේ
එරබදු මල් සුවඳින් වෑහේ
සමගිය ඉතිරේ පිං කෙත වෑහේ
සතුටින් කිරි ඉතිරෙන අපගේ
අවුරුදු ආවා සිරිකත කැන්දන් ආවා
මේ ලක් දෙරණේ සුන්දර විමනේ
අවුරුදු අසිරිය එයි බක් මාසේ අපගේ....//