මිහිරේ මගේ | Mihire Mage - Pakir Mohan

මිහිරේ මගේ සඳනේන දිගු රැයක කොහෙ සැඟවුණේ.....

සේයාව සේ මා හිත ළඟ දැවටි කොහෙදෝ ගියේ...

මුළු ලොවට රහසේම ඔබ ආවේ

රෑ සිරියෙන්......

නෙතු අග බොඳවී ගිය හද සිතුවම්

ආදරයේ......

සොඳුරේ මගේ ඔබ කොහෙද ගියේ......

තනිවීලා මං අඳුරේ ජීවිතයේ........


මිහිරේ මගේ........


මින් පෙර දිනයක හමුවුණ පැතුමක

වෙන් කෙරැවා අප මේ ලෝකේ........

සිහිනෙක සතපා ආදරයේ නුඹ....

මගෙ හිත අරගෙන කොහෙද ගියේ.......

වස්සානේ බැස ගිය සඳවතියේ......

මගෙ ලෝකේ නුඹමයි ආදරියේ......

ගංදෑලේ නුඹමයි මං දුටුවේ.....

තනිවීලා මං ගයන මේ ගීතේ.........


මිහිරේ මගේ........


ඇවිදින් මා වෙත සුළඟ වගේ නුඹ.....

ජීවිතයම මගෙ පාට කෙරෑ.....

එනතුරැ අරගෙන හුස්ම මගේ නුඹ.....

ලෙන්ගතු හිතටම ජීවිතයේ.......

ගිම්හානේ මියැදුන ජීවිතයේ.....

මගෙ ලෝකේ දුකමයි ඉතිරි වුණේ.....

හැන්දෑවේ දවසක නුඹ ආයේ.....

එනතුරැ ඉන්නම් ආදරියේ......



Previous Next

نموذج الاتصال