රාගය හා නිවීම | Raagaya Ha Niweema - Ravi Jay

දැවටෙයි හංසපුඩු ගතේ

මොනවද මට මේ වූයේ

සිතිවිලි වදුලෙ මං රාගෙ...මං රාගෙ

අපි අතර කොයිද ආලේ

ආලේ කලේ මා බාලේ

ඉඹින්න කටරොඩු මලේ

ග්‍රන්ථියේ ඛේට නෑ වාගේ


නලමුදු සුළඟක් ඇවිදින් මන මත හිර උනු 

මල් සිතුවිලි පා කෙරැවයි

නලමුදු සුළඟක් ඇවිදින් මන මත හිර උනු 

වල් ෆැන්ටසි පා කෙරැවයි


අපි හමුවෙන්නෙ මොකටද

අපි වෙන් වෙන්නෙ මොකටද 

අපි දෙන්නා කවුරැද

දෙන්නෙක්ම තමයි

එක හදකට එන ආලය බෑ බෙදන්න

ඒක එක්කෙනාටයි

ඒ කෙනා නුඹ නොවේ

මා එනකං බලං ඉන්න මගෙ පියම්බිකාවයි

මගෙ ගත හිත විඩා උන වෙලාවට

ඕනෙ මට හොඳට විඳින්න රාගය

ඒ අඩුව නිසයි ආවෙ නුඹ එක්ක

නැතුව නොවෙයි අඩුවක් ආලෙන් මට

මේ බිත්ති හතරෙන් බැස්ස කල

නුඹ නොසොයන් මා ගැන

නුඹට අයිති නෑ

මගෙ භාරියට ද්‍රෝහී  උනානං 

නුඹටත් වෙන බව දැනගෙන ඉන්න...යාං


දැවටෙයි හංසපුඩු ගතේ

මොනවද මට මේ වූයේ

සිතිවිලි වදුලෙ මං රාගෙ...මං රාගෙ

අපි අතර කොයිද ආලේ

ආලේ කලේ මා බාලේ

ඉඹින්න කටරොඩු මලේ

ග්‍රන්ථියේ ඛේට නෑ වාගේ


නලමුදු සුළඟක් ඇවිදින් මන මත හිර උනු 

මල් සිතුවිලි පා කෙරැවයි

නලමුදු සුළඟක් ඇවිදින් මන මත හිර උනු 

වල් ෆැන්ටසි පා කෙරැවයි



Previous Next

نموذج الاتصال