සොයාගැනීම | Soyaganeema - Tharindu Damsara

සගවන්න බෑ කදුළු සිවි ඔබ

සෝ සිනාවෙන් නිවුණු බැල්මෙන්

ඔබේ හද මෙන් සැලෙන අතැගිලි 

පිරිමදින විට මගේ කෙහෙරැලි

වැටහුනා මට දිගු සුසුම් රළ

ගැටෙන නළලත


එක වරක් සිපගන්න ඇත්නම් පුතු වඩාගෙන

ගොස් ටිකක් ගැවසෙන්න හැකිනම් ගෙදර ලිප ළග

හවස එන විට මා බලන්නට 

කැටුව ආ හැකි වේද දුවණිය

තබන්නට ඇගෙ කුඩා දෑතෙහි 

චේන් පොට සහ වළලු ජෝඩුව

උදෑසන මෙහි පැමිණි වෙදදුරු 

ඔබව කැදවා ළගට රහසින්

කියූ බස මම අසා සිටියෙමි 

වැතිර නිදිගත් සෙයින් හිදිමින්


ඔබට සගවා ගන්න බැරි වුණු 

හැඩුම් හඩ මට එවිට ඇසුනා

දිගු කලක් විමසුවද නොකියූ 

ආදරය ඒ හඩෙහි තිබුනා


සුදුය ඇද රෙදි - සුදුය සීලිම 

සුදුය තිරකඩ - සුදුය සැම දෙය

මොහොතකට මේ සුදෙන් මිදිලා ඔබේ කලු පපුතුර බදාගන 

හඩන්නට මට බල කරයි සිත



Previous Next

نموذج الاتصال