නාදලු තොල්පෙති විහිදා
රෝසපාට කම්බුල් වලිනා
අඩවන් නිල්නෙතු සතු අඟනා - හැඩයි අනීශා...
අඩවන් නිල්නෙතු සතු අඟනා - හැඩයි අනීශා...//
ඔය නිල්වන් නෙත් යුග ඇරලා
හසරැල් මාවෙත පාලා
රූබර අඟනුන්-රගන්න රූසිරි විහිදා
ආදරෙ සගවන්නට බැරුවා-නෙතු සඟලින් මානම් දුටුවා ..
ආදරෙ සගවන්නට බැරුවා-නෙතු සඟලින් මානම් දුටුවා ..
සිත තුල පමනක් අපෙ ආදරෙ
හිර වෙයිද අනීශා ..
සිහිනිඟ ඔබ සොලවා ..
යන විට සිත සැලුනා ..
හැඟුමන් සිත ඉඟිබිඟි කරනා
හැඩයි අනීශා ..
හැඟුමන් සිත ඉගිබිගි කරනා හැඩයි අනීශා..
සිහිනිඟ ඔබ සොලවා ..
යන විට සිත සැලුනා ..
හැඟුමන් සිත ඉඟිබිඟි කරනා
හැඩයි අනීශා ..
හැඟුමන් සිත ඉගිබිගි කරනා හැඩයි අනීශා..
ඔය කුන්කුම තිලකය තියලා ..
දේදුනු ඇහිබැමි කියනා
රූබර අගනුන් රගන්න රූසිරි විහිදා
ආදරෙ සගවන්නට බැරුවා-නෙතු සඟලින් මානම් දුටුවා ..
ආදරෙ සගවන්නට බැරුවා-නෙතු සඟලින් මානම් දුටුවා ..
සිත තුල පමනක් අපෙ ආදරෙ
සිර වෙයිද අනීශා ..
ආ.ආදරෙ සගවන්නට බැරුවා-නෙතු සඟලින් මානම් දුටුවා ..
සිත තුල පමනක් අපෙ ආදරෙ
සිර වෙයිද අනීශා .. ///