තහනම් කරන්නෙපා | Thahanam Karannepa - Kumudu Ratnayake

තහනම් කරන්නෙපා

වැටකොටු බඳින්නෙපා

පෙම් සියොතුන්ගේ හීන

බිඳින්න එහෙම එපා...

මේ පෙම් සියොතුන්ගෙ හීන බිඳින්නෙපා


මහ මග දෑලේ මල් පිපුණේ

අතැඟිලි පටලා පෙර දවසේ

ඔබ පියමංකළ මල් මාවතමය

උන් දැන් හෙමිහිට දුර යන්නේ


විකසිත වූ නව යෞවනයේ

මල් ගොමු පූදින අරුණැල්ලේ

ගගන සරන්නට මේ සියොතුන්ටත්

අවසර අහිමිද මිනිසුන්නේ.



Previous Next

نموذج الاتصال