ශ්‍රී මහා බෝ උඩ මළුවේ හිඳ වන්දනා කරන්න
මගේ අම්මත් ආස ඇති බුදු හිමව දැකල නිවෙන්න
ගෑණුන්ගෙ කිලි දවස් ඇති එම අහෝ කුමක් කරම්ද
බුදු හිමියො දෙසුවාද මිනිසුනි දහම් වැටක් බඳින්න
බුදු බලෙන් පිං දෝරෙ ගලනා මෙත් සිසිලෙ ඒ පුදුම
පිරිමි දකිනා ගැහැණුන්ට දකිනටත් තහනම් අරුම
ඒහි පස්සිකො බුදු වදනෙ ඇති කුමක්ද නිවැරදි අරුත
එකම මිනිසුන් දෙකට බෙදලා තහංචිය මේ කිමද
දඹදිවෙන් බෝධී වැඩමවූ තෙරණි ගැහැණු නොවේද
කිළි දවස් තිබුනේම නැතිවද සංඝමිත් තෙරණියට
ජීවමානයි තාම බුදු හිමි හැමෝගෙම හිත් තුලම
එහෙව් හිත් ඇති පිරිමි රෑනක් මන්ද මේ කල වරද