මනාලි | Manali - Stereomiinds Ft Rashinie

මල් හසරැල්ලෙන් ඔබ මුව සරසාලා

දෙව්ලිය පරදන රූ මානේ මෙදා

නිල් දෙනයන යා වී ආශා මවා

රන්වන් සේලේ හද යයි පැටලී මා


කිංකිණි නගාවී - සියුමැලි පා තබාවී

පතිනිය වෙන්නට මා අතිනත වෙලා

අංජන සිනාසී හිරිමල් හිත සලාවී

දෑඟිලි පටලා ඔබ මාගේ කියා..


මාල වලලු තෝඩු නුඹට හැඩයි මගේ කුමාරි

රන් කර බැඳ රැගෙන යන්න අවසර මා පතාවී

නෑ පර පුර මගුල් ගී ගයා නටා ප්‍රීති වී

ඈත රටින් කැන්දන් ආ ඔබයි මගේ මනාලි


ළා හිරු සේ පායා කිරණින් දෝවා

මා දිවි ආලෝකේ ඔබමයි සදා

රන්සලු අන්දා අද බැන්දේ සිනා

මතකය මේ ප්‍රේම සංකා මකා


මල් මල් ඕවිල්ලේ..පා කර මා ඇසිල්ලේ

පෙම්බස් තෙපලා හද මන් මත් කලා

කිංකිණි හඬින් මේ..මා හෘදේ තිගැස්සේ

නිල්වන් ගුවනේ යමුදෝ පාවීලා..



Previous Next

نموذج الاتصال