එක බණ පදයක් | Eka Bana Padayak - Suneera Sumanga

එක බණ පදයක් ඔබේ මුවින්

ඇසුවා නම් මම එදා සොඳින්

මේ දුක් ගින්දර නිවී ගොසින් 

බෝ කල් නොවැ බුදු පියාණනේ 


දෙසවන් පිණවා මියුරු නදින්

දෙනුවන් පිණවා සොඳුරු රුවින්

ඉඳුරන් සනසා පමා වෙමින් 

සිටියා නොවැ බුදු පියාණනේ 


ඔබ රුව දකිමින් බණ පද ඇසුමට

මා දෙසවන් කළ පින මදි වූවද

ඔබ පෙන්වූ මඟ ගමන් කිරීමෙන් 

ඔබ දකිනෙමි බුදු පියාණනේ

Previous Next

نموذج الاتصال