සිත බැඳුණා මාගේ
අපෙ ආදරේ වෙයිදෝ මායාවක්
මගෙ සොඳුරිය තවමත් මතක් වෙනව අදටත්
ඒ ලස්සන හිත ළඟ නැවතුණු මම කවදත්
සොඳුරුයි කියනා සිතුවිල්ලේ තනිවෙනවා තවමත්
සිත බැඳුණා මාගේ ආලය පිරුණා සිතේ
දකින්න ආසයි ලඳේ ඔයාව මේ මොහොතේ
හිත තුළ රැඳුණූ ගලාපු සිහිනයක
මං ජීවත් වෙනවා හැමදිනම
ඔබ මාගෙන් වෙන්වී යන බව දැනදැනම
මා පෙම් කරනව ඔය හිතට
ඒ වෙනස් නොවන ආදරෙ නිසාම
මා ඉන්නේ බිඳුණු සිතින් තවම
ඔබ වෙනස් වුණත් මේ විලසින්ම
වෙනස් නොවේමයි මගෙ ආදරය