සඳ කුමාරි | Sanda Kumari - Chandana Liyanaarachchi

සඳ කුමාරි මගෙ මනාලි.

තරු වරළ උනා දමාවි

රෑ කවුළු දොරින් එබේවි

මට එන්න කියා කියාවි

සඳ කුමාරි මගෙ මනාලි..


මං කවුළුව හැර තබාවි 

ඇය සේල පලස එලාවි

පිණි බින්දු බිමට වැටේවි

මුතු මැණික් වගේ පෙනේවි

සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි.//


කළු වාළාකුලක් ඇදේවි 

සඳ මුහුණ මුවා කරාවි..//

මට හෙඳටම දුක හිතේවි 

රැය එළි වෙනකන් හඬාවි

සඳ කුමාරි මගෙ මනාලි


සඳ කුමාරි මගෙ මනාලි.

තරු වරළ උනා දමාවි

රෑ කවුළු දොරින් එබේවි

මට එන්න කියා කියාවි

සඳ කුමාරි මගෙ මනාලි..



Previous Next

نموذج الاتصال