ඝණාඳුරෙන් හද මිරිකුණු
තම ආශා එකිනෙක ගිලිහුණු
සමාජයෙන් පෑගී කොන්වුණු
කඩාහැලුණු ඒ සිත් කෝනේ
නිතරම නැති සතුටත් ගිලිහුණු
පීඩාවෙන් හදවත කෙළෙසුණු
මුවඟේ තිබු සිනහව දුරුවුණු
මිනිසට ආදරයයි නැතිවුණේ ...
ආදරයයි නැතිවුණේ ...
ආදරේ... ආදරේ...
කෙළෙසුණු බිහිසුණු නීතය කඩවුණු
සමාජය වෙනස් කරනට
ආදරේ... ආදරේ...
අපවිසින්ම නැති කල මිනිසත්කම
නැවත ගොඩගන්න දෙමු අපි ආදරේ...
උපන් නම ආගම වාසගම ගම මාර ත්‍රිලක්
ඩයස්පෝරා යනු විසිරණය, උණුයි ජීවිතේ ගෙවන්නේ හැබෑ මිලක්
දල්වා පහන්සිලක්...
අනේ අමුණුස්සකමත් එනව නම් බොලාගෙ ගෙවල් වවට වෙලා රතු බිලක්
නෑගෙනහිර පොළෝතල ලෙයින් වෙලා ඛාදනයක්
නැගුණෙ දිවාකරයක් සොවින් බලන් වාකරයක්
සිංහ ධජ ලෙළ වැළපෙයි හඬයි හමන මාරුතයක්
සොභාදමටත් නොම වැටහෙයි මගෙ උඹගෙ ජාතකයක්
ඔය ගොලුකමට සුව බෙදුවා කලක් දොළු කන්දත්
ඌඹේ කුණු ටිකකින් රස බුදිති ළමුන් පාමුළ බ්ලූමැන්ඩල් කන්දක්
වර්ගවාදයෙන් බොලා දිනුවේ මරණ සහතිකය
මේ මිනිස් යාය පුරන්, දැන් ඉතුරු මට වහ ටිකය
සොභාදමටත් පිළිකුල්ය දැන් හුස්මටිකවත් නැති තරමේ
හිමි අහිමි නොවේ ආදරය ඒක නොවේද මළේ "මනමේ"
පීඩිතව පෑගෙන්නන් පාගන්නන් දෙන්නම පාදඩයි
කරන් මනුෂ්‍යත්වයට ආදරේ ඒක යාබදයි..
ආදරේ... ආදරේ...
කෙළෙසුණු බිහිසුණු නීතය කඩවුණු
සමාජය වෙනස් කරනට
ආදරේ... ආදරේ...
අපවිසින්ම නැති කල මිනිසත්කම
නැවත ගොඩගන්න දෙමු අපි ආදරේ...
දල්වා පහන්සිලක්
සේද වර්ණයෙන් මලක්
කඩා දෙන්නට එළියක්
ජීවිතේට ආදරයක් //