මලක් නිදි මල් ගොඩක් මැද | Malak Nidi Mal Godak Meda - Senanga Dissanayake

බලන් ඒ කිරි සිනා සඳ 

නිදන් සඳ උනුහුමේ වැද 

නගන් නින්දෙත් සිනා මද 

මලක් නිදි මල් ගොඩක් මැද 


සුසුම් ගොළු රස මිහිරි නද 

උතුර  ගලනා සෙනෙහෙ කඳ 

තුරුල් දම් මව් සෙනෙහෙ ලද 

මලක් නිදි මල් ගොඩක් මැද 


අපූරුව හැඩ මවන ලෙද 

තවත් සැපතක් ලොවේ වෙද 

මුවින් කොපුලින් තොලින් තෙද 

මලක් නිදි මල් ගොඩක් මැද 


දෙතන රූරා සුවඳ බිඳ 

හැරුනු ලේ කිරි රසේ විඳ 

සොඳුරු මල් ගොමු තුරුලෙ හිඳ 

මලක් නිදි මල් ගොඩක් මැද 



Previous Next

نموذج الاتصال