සසර නිවාලන
දහම් අමා ගග
නොනිමෙන මෙත් පහනේ ආලෝකය
එදත් අදත් තුන් ලොවේ රජුන්
බුදුන් දෙසූ ධර්මයයි උතුම්
පිපුනත් රුව ගුණ උරුම කරන්
පුදසුන මත පරවෙන කුසුමන්
සුවද හමන මද සුලග මැදින්
දිවියෙ අරුත සිත නිවන තරම්
මටම අහිමි මම යනෙන ගමන්
සංසාරේ සැප සතුට සොයන්
පිනට ලබැදි සිත එකලු කරන්
බණ පදයක් මිහිරිද කෙතරම්..