සක්දෙවි වැනුම | SuckDevi Wanuma WAYO Ft Ravi Jay & Charitha Attalage

පවට බර ලොව දැකලා 

පඩුපුලට සංකා 

නොමැත සක් දෙයියා 

අහෝ අද කවුරු අදිනුද හාවා 

රුදුරු දන බෝමා 

නොමැත සක් දෙයියා 

අහෝ අද ඉදින් සදෙහිම හාවා..


බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත 

පිරිහිලා ලොව පිරිහිලා 

වන විහග ලොව රජ පදවි ලැබ 

ඉගිලෙනා බකමූණූ රජා 

සක් දෙවිදු නැත 

සිත්තමට ගෙන අදිනු බෑ අද සද සාවා

දුනු දිය අදින රුදුරු නර කැළ 

වඩිනු එපා අද වඩිනු එපා..


තහනමේම මල් ගෙන 

ආවා හඳ වෙත 

සකි ඇන්ද හාවා හමුවෙන්න 

හඳ පෙන්නලා කල, හාවා දුප්පත් මිනිසා

පොලොවෙ සක්විති 

ඒකටයි දුක 

අවංක වෙල පැන්න ගිනිමතට 

දන්නෙ දැවෙනකොට 

වෙලානෙ අපි හාවෝ 

මේ හුස්මෙ බදු ගෙවන

 වැඳගෙන එන්නෙ බෝසතුන් නෙමෙ 

පෝසතුන් වෙන්න 

බොහො සත්තු බෝසත් වෙස් ගෙන 

එදා සිට රත්කල එක තමා කලේ පුටු 

ඔක්කොම සක්විති වරැ හම්බකරං මාරැ 

අපි අසරනයි රටේ 

කාලෙන් කාලෙට පඬුපුලෙ සක්විතිවරැ පොර කතේ 

එදා වගෙ අද ගින්නට පැන්නොත් 

ඉන්නෙ මරැ කටේ 

ඉන්න බෑ පොලොවේ

 ඒකයි ආවේ මං හඳේ 

මලක් අරගෙන එහෙනං 

ඉමු හාවො පොලොව බලං


තෙලි තුඩද බිම හෙලුවා

ඔබේ රුව ඇඳලා

ගියා සක් දෙයියා

අහෝ අද 

අඳින්නට ඒ වාගේ 

කෙනෙක් නැත ලෝකේ

ඉදින් හැම කාලේ සඳේ මැද 

සිනා සී මේ වාගේ..


බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත 

පිරිහිලා ලොව පිරිහිලා..

වන විහග ලොව රජ පදවි ලැබ 

ඉගිලෙනා බකමූණූ රජා 

සක් දෙවිදු නැත 

සිත්තමට ගෙන අදිනු බෑ අද සද සාවා

දුනු දිය අදින රුදුරු නර කැළ 

වඩිනු එපා අද වඩිනු එපා..


ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව

වැදි බන වේදිකාවෙ පංසලෙ නොව

කටු මැටි ගේ දුක දෝංකාරය

ඇහුනෙ නෑ කලු වීදුරු ඇතුලට

දුප්පතාගෙ කුස ඇයි පස්සට

සක්විතිතුමාගෙ කුස ඇයි පෙරට

තේරෙන දින රටෙ ඔලු වලට

අප මියැදුනු තැන ගස් නැත පුත..



Previous Next

نموذج الاتصال