සුරත් සුවය | Surath Suwaya - Supun Perera

නිල් වරල පුරා මල් අතුරලා බිඟුන් මත් කරන.. 

රන් මුව මඩලින් රැස් විසිරැවා තෝඩුන් දිදුලවන..

නම්නාද දී යන සත්ස්වරයෙන් දෙසවන් සිල් බිඳින.. 

හදසෙන් වැදී ගජසෙන් මඩිනා දෙව්ලියේ ඔබ කවුද? 


ශෘංගාරී මගේ හද විල් තීරයේ බැස කිමිදෙන්න

දැහැනින් බැඳඋන් සලෙලුන් මුදමින්.. සුරත් සුවය විඳගන්න.. 


මල් මකරන්දයෙන් නා දලු තෙමා මීවිත බොන්න.

පෝසඳ අසලින් පුන්සඳ තියා සාවුන් සිපගන්න..

හද හද බැඳී ගත ගත වෙලී යන මේ රැය පුරාවට-වීණා වැයුමට සකි පන්සිළු හට ඇරයුම් කරන්නද? 


ශෘංගාරී මගේ....


මේ නදුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද-සිත බොලඳ වෙයි සසැලෙයි.. සොඳුරිය නුඹ නිසාමද?       


ශෘංගාරී මගේ ...



Previous Next

نموذج الاتصال