බෝ පතක් සේ සිසිල දී..
සෑ කොතක් සේ එළිය වී..
මං මුලා වූ සංසාර සාගරයේ..
මට ප්‍රදීපාගාරයක්
වී නම් නුඹයි අපේ අම්මේ..
අහිමි කැණිමඬල;් දරාගෙන
දෙව්ර මත වහලක්
වරා මලකුදු පහස නොපැතූ
නුඹව මට අම්මේ..
පුරා සඳ මඬලක්
සදාතන අරුතක් උදාකළ
සොඳුරු මහ පිරිතක්
සමාධිය තුන් සිතම ඉතිරූ
නුඹව මට අම්මේ..
අමා දිව මතුරක්