හේනෙ පැලේ පැල් රකින්න බෑ මට නුඹ නැතුවා
මැනිකේ නුඹේ ටිකිරි හිනාවට මගෙ හිත බැදුනා
මට බහදුන් දා මගේ පැලට ගෙනයයි කැන්දා
කවදා හෝ රැජින නුඹයි මගේ දිවියට සැමදා
නුඹ පාන හිනාවට ආලනුරා බැදි සීපද ගැයුනා
විල ගාව නෙළුම් මල් තරගෙට පීදෙයි සුන්දරියේ සොදිනා
මගේ ආදරියේ මට නොවිය සඳක් ඔබ
පෙම් කල හිතට වඩා..
මම පෙම්කල හිතට වඩා
හේනෙ පැලේ පැල් රකින්න බෑ මට නුඹ නැතුවා..//
පුර පෝයදාක මම අහස බලන කල
සඳ නුඹ වගේ පෙනුනා
මුතු මාල හතක් ගෙන කැන්දන් යන්නට
මගෙ සිත ලතැවෙනවා
මගෙ හීන වීමානේ සුන්කර දා
නුඹ පිට ගම් යන්න එපා
නුඹ පිට ගම් යන්න එපා...
හේනෙ පැලේ පැල් රකින්න බෑ මට නුඹ නැතුවා..//