අදුරු වූ ඒ දින වියවුල් මනසින් මා පෙරලා ආවේ
වෙනදා නැති චංචල වූ සිතිවිලි දෝර ගලා ආවේ
සලිත වු මගේ හදවත සනසන මග මා උමතුව සෙව්වේ
උකුසු ඇසින් සිටි ගල් හදවත මා ග්‍රහණයකට ගත්තේ ...
ග්‍රහණය කෙරුවා
ග්‍රහණය වුවා
මං මත් වුවා
වල්මත් වුවා
සසල වු මගේ හද නිසල කරන මග ඔහු මා හට කිව්වේ
වෙනදා නොදැනෙන පිළිසරණක් ඔහු විතරක් දැක්වුයේ
වල්මත් වී ඇති බව මට ආදරේ හැමකෙනා පෙන්වුයේ
කොච්චර කිවුවත් කොච්චර කෙරුවත් ග්‍රහණය නැත බිදුනේ…
ග්‍රහණය කෙරුවා
ග්‍රහණය වුවා
මං මත් වුවා
වල්මත් වුවා
උකුසු ඇසට හසුවී නැති මගේ යාළුවෝ දැන් නෑ ඉන්නේ
අතරමංවූ මංසන්ධියකයි දැන් මා තනිවම ඉන්නේ
අලුතෙන් මට දුන් ඒ පිළිසරණත් දැන් මා හට නැත්තේ
මා ගත් මාවතේ අදුරු තිරය තුල නැත කිරණක් පෙනුනේ…
ග්‍රහණය කෙරුවා
ග්‍රහණය වුවා
මං මත් වුවා
වල්මත් වුවා
වල්මත් වුවා …