ඉර සඳ වැඳලා | Ira Sanda Wadala - H. R. Jothipala & Angeline Gunathilake

ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා

අත ඔබෙ නළලෙ තියා...

හදවත සපුරා පවසමි ඉඳුරා

මම ආදරෙයි කියා...

මගෙ සිත සැනසී සැකබිය වැනසී 

ගනඳුර පහව ගියා...

මම ඔබ අඳුරා පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා...


සතර දිගන්තේ සොඳුරු වසන්තේ

ඔය මුහුනෙහි දකිමී...

ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා

ඔබෙ රුව මම රකිමී...


මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි

ඔබ පමණයි ඇත්තේ...

ඔබ මා ළඟ නම් ජීවිතයට වෙන

කිසිවක් හිඟ නැත්තේ...


ඉර සඳ වැඳලා...

Previous Next

نموذج الاتصال