මුලු අහසම නුඹෙ රුව මගෙ කීවත්
ඔය හිත මගෙ කීවා...
තුන් යම හීනෙට නුඹ පාවී ආවා...
ඔය රතුවුනු කොපුලත සිහි වීලා
මසිත ඉගිලී යනවා...
නාදලු දෙතොලම සිප ගන්නම් ඉතින්...
නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා...
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා...
මීවිතෙන් තොල් තෙමුනාද ප්‍රේමී...
අපි සීතලෙ උණුහුමට ඉමු දේවී...
ප්‍රේමයෙ රස වින්දාද ස්නේහි...
අපෙ රාගයේ බැමි බින්දාද මේ ගී...
නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා...
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා...