වැලපෙනා තරු ඇස් | Walapena Tharu As - Theekshana Anuradha Ft Shanudrie Priyasad

වැලපෙනා තරු ඇස් දිහා 

හෙමින් හොරැහින් බල බලා

නොදුටුවා ලෙස බිම බලාගෙන 

මාව පහු කලේ ඇයි ඔයා


පින්තූරෙ වගේ සුන්දර නුරා 

හැගුමන් එකිනෙක අවුලුවා

සානුකම්පිත මගේ හදවත හුදෙකලා

කලේ ඇයි ඔයා....


සන්සාරේ පුරා වත්සුනු හෙලා

පැතුමන් හිත හංකිති කවා

කෝඩුකාර මගේ හීනය ඇහැරවා

ගියේ කොහේදෝ ඔයා....


වැලපෙනා තරු ඇස් දිහා

හෙමින් හොරැහින් බල බලා

නොදුටුවා ලෙස බිම බලා ගියේ 

කවදා ප්‍රේමය පවසයිදෝ කියා


වැලපෙනා තරු ඇස් වලට

ආදරණීය හැගුමක් දුන්නේ ඔයා

කිසිමදා දුක් නොදෙනවා කියා 

පොරොන්දුවක් වෙමි මා සදා... 



Previous Next

نموذج الاتصال