නෑවෙන්න සේදෙන්න | Sanda Kumari 02 Nawenna Sedenna - Hashen Dulanjana

නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ

තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ

ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ

මා එක්ක එනවාද මයෙ මැණිකේ...


නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමි

රළු පොළොව මත මල් පියලි අතුරමි

කළ වැරදි කිසි දිනයක යළි නොකරමි

මා දෑස වාගේම ඔබ රැකගමි..


හෙළු කඳුළු මුතු මාලයක් සේ ගොතා

සරසවමි ඔබගේම ගෙළ පළඳවා

ජයගනිමි හැමදාම දුක පරදවා

වෙන් නොවමි කිසිදාක ඔබ හැර දමා..

Previous Next

نموذج الاتصال