1 Verse
අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි
සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි
නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක්
බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක්
පෙරලුවා පිටු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට
ඒ කාලේ රැවටුනේ මිනිස්සුනගේ බොරු හිනාවට
කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට
ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපන් හද පාර
ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු
සීනි නැති දාට කන්නේ අපි පැනි රහට හකුරු
අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු
හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු
මනසින් හිතපන් වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි
බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි
දැම්මට කලු කොට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින්
හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින්
Hook
කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
තනියම හිතින් දුක තුනී කරගත්තේ....
ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
තනියම හිතින් දුක තුනී කරගත්තේ....
ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
2nd Verse
වෙනස් වෙන්න ඕන හිතන විදිහ අදින්නෙපා කවදාවත් නම් අඩිය
සතුටෙන් ඉදන් හිනාවෙලා උබලා යටි හිතෙන් අද ගන්නේ පලිය
ඇරපු දාට දුවන්නේ ගලිය යකා ඇවිස්සුනොත් ගන්නෙම බිලිය
මගේ හිත නිතරම කිව්වේ වෙන්න එපා සංවේදී දිනපන් කෙළිය
මගේ ගැන මට තැන තැන කියවන්න ඕන නැනේ විස්තර
ගොඩක් ලිව්වා ප්‍රශ්න පත්තර ගොඩක් අය කිව්වෙ බොරු උත්තර
මම දෙවියන්ගෙන් කවදාවත් යැදලා ඉල්ලුවේ නෑනේ බන් වරම්
පොඩි කාලේ ඉදන් හැම අස්සක් මුල්ලක් නෑරම ගැහුවනේ කරක්
හෙව්වා සතුටක් හම්බුන්නෑ කොහෙන්වත්
මගේ ජීවිතේ තියෙන්නේ දුක්බර කතාවක්
තාත්තා ගියා ලොවෙන් ජීවිතෙට තියලා මට තිතක්
පෙරලන්න හිතුන්නෑ ජීවිකාවේ පිටු තවත්
තිබ්බා හීනයක් වෙන්න ලෝකේ ලොකු මනුස්සයෙක්
සල්ලි කොළ එක වුනා හීනෙ මගෙ යට ගියා
සමාජේ කොන් වෙලා තනි වෙලා ජීවිතේ ගෙව්වා
සල්ලි නැති නිසා ගොඩක් යාලුවේ මට රැව්වා
සෙනෙහසක් නෑ තනිකමක් විතරයි හිතේ
පෙරලන්න හිතුනා ජීවිත කතාව පොත මගේ
උබලා දන්නේ මගේ නම විතරයි මන් ගැන නෙවේ
මන් ගෙවන ජීවිතේ දුක් විතරයි මන් ගෙව්වේ
තැන තැන කියෙව්වේ නැ දෙබස් මං මෙහෙමයි
එළියෙන් හිනාවෙලා හිටියට මං ඇතුලෙන් වෙනයි
කාලයක් කිරි පෙව්වා මමත් ලගට අරන් නයි
සමාජේ ගොඩක් බල්ලෝ කන්න දුන්නු අත හපා කයි
Hook
කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
තනියම හිතින් දුක තුනී කරගත්තේ....
ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
තනියම හිතින් දුක තුනී කරගත්තේ....
ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
3rd Verse
දුක් වින්දා මං කාලයක් තනියෙන් මාව මැන්නේ මිනිස්සු සල්ලි බලෙන්
ඔප දැම්මොත් තමයි වැඩි වෙන්නෙ වටිනාකම මැණික් ගලේ
එක පිට එක වැරදුනා මට අම්මට එහා හොයපු ආලෙන්
ඉගෙනගත්තා ජීවිතේ මං ගොඩක් දේවල් මං ගෙවපු කාලෙන්
බොරුව පුරෝගෙන් ඔලුවල කලබලෙන් දුවන්නා ඒ මේ අත
රුපියල් සත වලින් කැරකෙන ජීවිතේ නැවතිලා එකම තැන
හැමෝගෙම බොරුව පුරවන් හිත් ඇතුලෙන් විසයි පුප්පන්නේ පෙනේ වෙලාවට
නැති කමට දෙකට නැමෙන මිනිස්සු හොල්ලන්නේ නෝට්ටු කොල උඩ
වෙලාවට කාලාවට දෙන්නම් කාලා පදමින් වදන් මගේ සැරට
කකුලෙන් අදිද්දි ගසලා දාලා පැගුවේ මන් උබලගේ ඔලු සැරට
ඇයි රිදුනද ඇත්ත තමයි කතා කරේ කෙලින් කියන්නමි මූනට
වහපන් කට ඇති බොරු පඩ මම නැග්ගේ ඉණිමග කාලා කට්ට
මම එනකන් හිටියා වාරේ උබලා රැගුවා එතකන් පාරේ
වචන උරලා බිව්වෙ මං සාරේ කෙලින් කියනවා ඒ මගේ ආරේ
උඩට එන්න ලේසි වෙන්න ආවේ නෑ මං නම් නම් කවදාවත් කෙටි පාරෙන්
හැමෝම එක්ක ඉන්නේ මං සාමෙන් ඇරියොත් අරිනවා එක පාරෙන්....
End Hook
කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
තනියම හිතින් දුක තුනී කරගත්තේ....
ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....