තුන්මංසල ලඟ | Thunmansala Langa - Dumal Warnakulasuriya

තුන්මංසල ලඟ පහන් කණුව යට 

ගොම්මන් කළුවර වැටෙන වෙලේ

සසල දෙනෙත් යුග ඇරයුම් කරතත් 

හදවත වේගෙන් හඬා වැටේ


නෝට්ටු කොළයට ජීවය යටවී 

දෛවය සරදම් කරන හැටි 

මහ මිනිසුන් ලෙස පිළිගත් උන්මයි 

ඇගේ දෙපා ළඟ දණින් වැටී


ජීවත් වන්නට ජීවත් කරනට  

මංපෙත මඟ ඇත කපොලු වැටී

එක මිනිසෙක්  නොව දස දහසක් එයි

රුව ඇති තෙක් ඇගෙ

එයයි හැටී

Previous Next

نموذج الاتصال