තුන්මංසල ලඟ පහන් කණුව යට
ගොම්මන් කළුවර වැටෙන වෙලේ
සසල දෙනෙත් යුග ඇරයුම් කරතත්
හදවත වේගෙන් හඬා වැටේ
නෝට්ටු කොළයට ජීවය යටවී
දෛවය සරදම් කරන හැටි
මහ මිනිසුන් ලෙස පිළිගත් උන්මයි
ඇගේ දෙපා ළඟ දණින් වැටී
ජීවත් වන්නට ජීවත් කරනට
මංපෙත මඟ ඇත කපොලු වැටී
එක මිනිසෙක් නොව දස දහසක් එයි
රුව ඇති තෙක් ඇගෙ
එයයි හැටී