තොල්පෙත්ත රෝස පාට
මල් වත්තෙ වන මලීට
බඹරින්ඳූ මනබැන්ඳා පෙමිනා
උඹ මත්තෙම හැමදාට
හද ඇඳුනු රූ රටා
සුරලන්ඳූ නොමැකෙන්නා කිසිදා
හිත ගත්ත රූමතීයේ
හී පිත්ත මල් සරාගේ
වැදුනි මෙමට නුඹව දුටුව දා
සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා..//
තාල දාලා කෝල සලා කොපුල් මනාල
මා හැඟුම් අවුස්සනා
නීල නීල පාට මේ මොනාලිසාට
ආල පාලා යාලු වීලා මාල දානවා
හැඩ ඉඟට බැඳුනු සේලේ
පටු නලලේ ඇලුනු තිලකේ
කිකිණි සළඹ ලා හිනාවෙලා
සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා..//