හමු වුනේ වෙන්වන්නයි
හිමි වුනේ සමු ගන්නයි
මට දුන් ආදරේ අද නෑ
හඳුනන්නේ
හිත පාරා ගියා මා දමා
මතකේ මංමුලාවී සදා
හදාගන්න හිත හැදුවත් මා
හදාගන්න මට බෑ
හිනා වෙන්න හිත කිව්වත් බෑ
හිනා වෙන්න ඔබ නෑ....//
මැණිකේ මගෙ පනසේ
රැකගමි මා කියා දිවුරුවා
තුරුලේ ඔබ නිවුනේ
වෙන හුස්මකට ලෙන්ගතු වෙලා
හිත පාරා ගියා මා දමා....
උකුලේ හිස තියලා
දෙතොලින් මා එදා සැනසුවා
පපුවේ හුරු රස්නේ
නැති දිනයේ හිතත් මියගියා
හිත පාරා ගියා මා දමා....
හමු වුනේ වෙන්වන්නයි....