Hanga Gami (හංගා ගමි) - Harsha Dhanosh

හංගා ගමි ගැඹුරේම හදෙහි

මං ආදරේ උහුලා ගනිමි

මන්දාරමේ අඳුරේම තනිවී

දුන් හාදුවේ මතකේ සිඹිමි

අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ

දැන් කාටද කියා දෙන්නෙ මගෙ නිල් මල් කුමාරියේ

සංසාරේ සියවරේ හමුවීලා තිබුණා

ලංවීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා

අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා

හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා


පය තබනා හැමවරේ ජීවිතේ දුර්ග මාවතේ

ඔබ හිටියා ළඟ රැඳී හීන ගානේ

මගහැරිලා කලුවරේ තනියෙන් දැන් මා

පාවිලා යාවීදෝ කොහේ

අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ

මං කෝමද හදාගන්නෙ හිත පෙම්වත් කුමාරයෝ


සුසුමේ රේණු තවරා කේශ  නල ගානේ

ඔබ ආවේම සරසාලාම මගෙ හීනේ

කලු ආකාසෙ තරු නෑ වාගෙ හිත ආයේ

යනදා ඈත දැනෙනා තාම සඳ මාගේ

Previous Next

نموذج الاتصال