අද යං දැන් මාත් එක්ක
ලෝකෙට අපි හීන දැක්ක
ආදරේ සහතිකයි ඇත්ත
සඳ නුඹේ දැනුණා
මං එන්නම් ඔයත් එක්ක
මාවත් මට හොරෙන් ගත්ත
බඹරුනි කල් බලා රැක්ක
ලැම කුසුම් පිපුණා
අනන්තයකුත් තවත් ටිකක් නම් ආදරේ ඇති
නුඹ ඉන්නවා හැගුම්බර හිත පිරි
හතුරුකම් ඇනුම් බැනුම් නම් මට නම් කම් නැති
නුඹ රිදෙනවා දකින්නයි මට බැරි
මියෙනාදාත් ඇස්දෙක ලග තියාගන්නම්
මල් නිම්නයේ තුරුල් වී ඉමු ඉතින්
අද යං දැන් මාත් එක්ක
ලෝකෙට අපි හීන දැක්ක
ආදරේ සහතිකයි ඇත්ත
සඳ නුඹේ දැනුණා
මං එන්නම් ඔයත් එක්ක
මාවත් මට හොරෙන් ගත්ත
බඹරුනි කල් බලා රැක්ක
ලැම කුසුම් පිපුණා
හෙමි හෙමින් බලන්නේ බර ජීවිතේ පැති
නුඹ ගාව උණු තුරුල්ලේ හිත හරි
වසන්තයක් ගෙනැත් තියන්නම් වේදනා නැති
තව මොකටදෝ දෙපැත්තක මැරී මැරී
මියෙනාදාත් ඇස් දෙක ලග තියාගන්නම්
මල් නිම්නයේ තුරුල් වී ඉමු ඉතින්
අද යං දැන් මාත් එක්ක .......