UDAYA SHREE - Ma Nubage (මා නුඹගේ)

මා නුඹගේ ආදරෙන් මත්වෙලා...

ගෙවූ ඒ අතීතේ හිතේ තනිවෙලා...

නුඹේ මතකේ හිත කොනේ රැඳිලා...

දෙන්නේ රිදුම් හැම රෑ මා පාරවා...


හැම හුස්මක් ගානෙම රැඳුනෙම

නුඹෙ පෙම් සුසුමක සුවඳයි...

ඒ සුවඳේ මා තනිවී නුඹ බෝ දුර ඈතයි...

තනිවුණු හැම මොහොතක් ගානෙම

හිත නැවතුණෙ ඔබ ළඟමයි...

නැවතී ඒ මතක පාරේ යළි නුඹෙ රුවම සොයයි...

ඔබ ඉගිල්ලී දුර ඇදී කාලය බොඳවී මතක අරන්...

පෑ නුරා රැඟුම් නැවතී කිවු වදන් වැසී ගොළුවී ගිහින්...


මා නුඹගේ...


තව එක මොහොතක් ළඟ ඉන්නට

හීනය තව මා ළඟමයි...

ඒ හීනේ මා හැම රෑ ඉන්නේ නුඹ ළඟමයි...

ආයෙත් තොල්පෙති සිපගන්නට

ආදරයෙන් නුඹ අල්ලා...

තවමත් ඉන්නේ මා ඒ හීනෙම බව දැණුනා...

නුඹ ළඟින් ඉඳන් ඒ ගෙවූ කාලෙ නොයෙන්නම යන්න ගිහින්...

ඒ වුණත් අදත් තවමත් ආයෙමත් නුඹවයි සොයන්නේ හිතින්...


මා නුඹගේ ආදරෙන් මත්වෙලා...

ගෙවූ ඒ අතීතේ හිතේ තනිවෙලා...

නුඹේ මතකේ හිත කොනේ රැඳිලා...

දෙන්නේ රිදුම් හැම රෑ මා පාරවා...


මා නුඹගේ...


හැම රෑ නින්දේ... මා පාරවා...


Previous Next

نموذج الاتصال