යමු යමු අපි දෙන්නා
මේ ආල මාවතේ
හිනැහෙමු අපි දෙන්නා
මුකුත් නෑහුනා වගේ....
ඔය තොල් සිප ගන්නම්
මං මත් වෙලා වගේ
ඔබ ලග මන් ඉන්නම්
හරි ආදරෙන් නගේ //
නැවතුවම බැරි උනා ඔය කය
ඇස් වහා වදීද ඒකයි මට බය
කොදුරපන් ආලේ නිදි නැති රැය
නුබ මගෙ අහසට හදක් විය
රෝස මල මගෙ එලි කලා වත්තම
හදවතේ ඉඩක් අරන් කොදුරන්න ගත්තම
මම වෙලා ඩාවින් උබ මගෙ සිත්තම
හාදු වැසි බෝනස් ආදරේට වට්ටම
නලගන,නලවන,බදනල,සුරගන
වනමල ලෙස පරදන ඇගෙ කෙහෙරැල
මදනල,මදහස,කොපුල් මත තවරන
හාදුවැසි තවරන්න දෙන්න මට අවසර..
යමු යමු අපි දෙන්නා
මේ ආල මාවතේ
හිනැහෙමු අපි දෙන්නා
මුකුත් නෑහුනා වගේ....
ඔය තොල් සිප ගන්නම්
මං මත් වෙලා වගේ
ඔබ ලග මන් ඉන්නම්
හරි ආදරෙන් නගේ//
රෑ අහසේ සද නිවුනාවේ
ඒ අහසේ තරු නිවුනාවේ
කමක් නෑ නුබ ඉන්නවානේ
නුඹට මන් ඉන්නවානේ....