Smokio X Thushan - Monalisa (මොනාලිසා)

තනිකම පාලු නිසා

ඇස් වහගන්නෙ ඔයා

ආදර මොනාලිසා හිනාව කෝ මොකෝ පමා

වටකර ඔයා නගා

හදෙ ඉන්න හීන බලා

ආදර මොනාලිසා හිනාව කෝ මොකෝ පමා


ලා රතු රෝස මවා පා - පා සලඹ සලාලා

හිත හීන මවා මාල දමා කතා ගොතා...//


තොල්පෙති සරාගී - ගස්සයි හිනාවී

ලගටම මුවා වී - ඉන්නද මම ඔයාගෙ වී

හිත යන රුවැත්තී - තනි සුදු මුවැත්තී

ලගටම මුවා වී - ඉන්නද මම ඔයාගෙ වී


ලා රතු රෝස මවා පා - පා සලඹ සලාලා

හිත හීන මවා මාල දමා කතා ගොතා...//


Rap


Babe.! Hey,ඇස් දෙක පියාගන්න

රස්නෙට මගෙ දෑත අස්සෙ නිදාගන්න

විශ්වාසෙ හදවතෙ මුදුනෙන් තබාගන්න

ස්ථීරයි මං පරිස්සමෙන් බලාගන්නම්


ආසයි බදා ගන්න

අත් පටලවාගන්න

ආදර කතාවක ආරම්භයක් වන්න

සාගරයක් පරදාලන ආදර ලබාගන්න

මා අදහන ආගම කරවාගන්න


ග්‍රීස්මෙත් පවා නුඹගාවින් ඉද්දි සිසිල්

ඍශිවරු පවා බිදගනීවි සිල්

මේ හීනෙන් අවදිවෙන්න නෑ හදිසි

දීගෙකින් නවතින්නයි හිත රිසි, Babe.!


Previous Next

نموذج الاتصال