Neth Manema (නෙත් මානෙම) - Dilu Beats

කතරක තනි දැවෙන වලාවේ

එක දවසක සෙවනෙහි ආවේ

හිරිපොද නැති කදුලු අවාරේ


තනි තරුවක් මියෙන වෙලාවේ

ඔබේ දසුනක් මැවෙන නියාවේ

අද තවමත් සදලු තලාවේ මා


ඒ රිදුම් නිවී මා හදේ

ඈ ලගින් රැදීලා වගේ

සීරුවෙන් ලයේ පෙම්මල් පීදුනා


මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්

මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්

මේ හිත සන්සන් හැගුමන් මාගේ විදීනම්

ඔබ එනකල් මොහොතක් මා හිදින්නම්


මැව්නාවේ ගිම්හානේ දැන්

ආලේ කතා

ඇහුනාවේ ගුම්නාදේ යාමේ පුරා


රෑ හීන ගානේ ආයෙ ආයේ

ඔය රූපේ පේන වාරේ

නුඹේ දෑස මානේ නැවතුනා

මට හීන ගේන අංගනාවේ

පෙරදාක යයිද මාගේ

නොකියා කියූදේ තේරුනා


ඒ රිදුම් නිවී මා හදේ…


මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්…

Previous Next

نموذج الاتصال